ෆයිසර් එන්නත බෙදෙන්නේ මෙහෙමයි.
Monday, 05 July 2021 - 14:01 | Views - 2,198
අද අළුයම මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් තොගය ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම එන්නත් තොගය ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ගැබිනි කාන්තාවන්ට ලබා දෙන බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසන්නේ.
රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා 26000 අද උදෑසන දිවයිනට ළඟා වුණා.
මේ අතර ෆයිසර් එන්නත ලබාගත් පළමු දකුණු ආසියාතික රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වුවද එය එසේ නොවන බව වාර්තා වනවා.
ෆයිසර් එන්නත් තොගයක් පළමුවරට දකුණු ආසියාතික රටක් වෙත රැගෙන විත් ඇත්තේ පසුගිය මාර්තු විසි පස් වැනි දායි.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධාන කොවැක්ස් පහසුකම් යටතේ මාල මාලදිවයින්ට ලබාදුන් එන්නත් තොගයක්.
මේ පහසුකම යටතේ මාලදිවයිනට ෆයිසර් එන්නත් මාත්‍රා 5850 මෙලෙස ලබාදී තිබෙනවා.
Share This Article