පරිපූරක හා අතුරු වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා
Monday, 05 July 2021 - 13:24 | Views - 408
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර සේවකයින්, ඖෂධ සංයෝජකයින් ඇතුළු සෞඛ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 14ක් අද ආරම්භ කළ අඛන්ඩ වර්ජනය  හේතුවෙන් දිවයින පුරා රෝහල්වල දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

මේ හේතුවෙන් සායනික කටයුතු ඇතුළු ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

හෙද සේවයට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීම ඇතුළු තවත් ඉල්ලීම් 14ක් මුල් කර ගනිමිනුයි ඔවුන් අද උදෑසන 7.30 සිට මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය ද පසුගිය දින 2ක් තුළ අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ද අපහසුතාවට පත්වූයේ ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන්.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේදීත් අපහසුතාවට පත්වූයේ ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන්.

මේ අතර, රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 7500ක දීමනාව මෙතෙක් ලබානොදීමට විරෝධය පළ කරමින් හෝමාගම මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද නිහඬ විරෝධතාවක නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top