දෙහිවල සත්ත්ව උද්‍යානයේදී තෝර් නමැති සිංහයාට ආසාදනය වූයේ, B.1.1.7. ලෙස හඳුන්වන 'ඇල්ෆා කොරෝනා ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනය විසින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදීයි මෙය තහවුරුවී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් සඳහන් කරමින්, වෛද්‍ය චන්දිම ජීවන්දර ද ට්විටර් සටහනක් තබා තිබුණා.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි මෙම සිංහයාගේ ශ්වසන සාම්පල් පරික්ෂාව සිදු කළ, අතර එහිදී එම සත්ත්වයාට කොරෝනා ආසාදනයවී ඇති බවයි තහවුරු වුණේ.