පළමු වරට ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
Monday, 05 July 2021 - 11:02 | Views - 494
පළමු වරට ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍ර 26000ක් දිවයිනට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි වැඩි දුරටත් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ඡන්න ජයසුමන සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ජූලි මාසය තුළදී එන්නත් ලක්ෂ දෙකක ප්‍රමාණයක් දිවයිනට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article