පළාත් සංචරණ මාර්ගෝපදේශ පිළිපදින්නැයි පොලිසිය ඉල්ලයි
Monday, 05 July 2021 - 10:05 | Views - 2,392
පළාත් හරහා ගමන් කිරීමේදී සෞඛ්‍ය උපමානවල ඇති උපදෙස් පිළිපදින ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.
ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 19 වනදා දක්වා පළාත් අතර සංචරණය තවදුරටත් සීමා කර තිබෙනවා.
ඒ අනුව පළාත් හරහා ගමන් කිරීමට හැකියාව පවතින්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවූවන්ට සහ සමීපතම ඥාතියෙකුගේ අවමංගල කටයුතු මෙන්ම ප්‍රතිකාර ලබාගැනීම වැනි මානුෂිය හේතුන් මත පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article