පළාත් අතර සංචරණ සීමා තවදුරටත් - අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ
Monday, 05 July 2021 - 9:15 | Views - 1,162
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අණ පනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තීරණය කළා.

මෙම නව විධි විධාන අනුව පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව සමාලෝචනයකින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පවතින සංචරණ සීමා යම් යම් ලිහිල් කිරීම් යටතේ ජුලි මස 19 වනදා දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර පළාත තුල දැඩිව පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා විශේෂ තත්වයන් යටතේ සීමාවන් කිහිපයක් ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුල ආසන ධාරිතාවෙන් සියයට 30ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යාහැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව සියයට 50 දක්වා වැඩිකර තිබෙනවා.

එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනෙකුට සීමා කරමින් පැවැත්විය හැකියි.

වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා එක්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25ක්.

නව සීමා ලිහිල් කිරීම් යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර එතුල නිකරුණේ ගැවසීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම් අනුව හැකියාව ලැබෙනු ඇති.

කෙසේවෙතත් මංගල උත්සව, අවමංගල්‍ය අවස්ථා, පූජනීය ස්ථාන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් එලෙසම පවතිනවා.

හෝටල්, විවේකාගාර, ස්ථානය තුල අනුභව කළ හැකි සහ ආහාර පිටතට රැගෙන යාහැකි අවන්හල් සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව විවෘත කිරීමට හෙට සිට අවසර ලැබෙන අතර සම්භාෂණ පැවැත්වීම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ ඔට්ටු මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, පබ් සහ බාර් තවදුරටත් වසා තැබෙනු ඇති.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විවාහ මංගල උත්සව සේවා සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැකගත හැකි වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න කියා සිටියා.

නව මාර්ගෝපදේශ යටතේ වූවද පළාත් අතර සංචරණය සීමා තවදුරටත් පනවා තිබීම හේතුවෙන් පසුගිය සිකුරාදා දිනයේ ධාවනය වූ පරිදි දුම්රිය ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ බදාදා දිනයේදී පළාත් අතර දුම්රිය සේවා ධාවනය කරවීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.

අන්තර් පළාත් බස් රථ ධාවනය අද දිනයේද සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියා.

බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ තවදුරටත් ආසන සංඛ්‍යාවට පළාත් තුළ බස් රථ ධාවනය සිදුකරන බවයි.

මේ අතර, ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000ක් හෙට දිනයේ දිවයිනට ළගා වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දකුණු ආසියානු කලාපයෙන් ෆයිසර් එන්නත හිමිවන පළමු රට වන්නේ ශ්‍රී ලංකාව බවයි.

එලෙස දිවයිනට ලැබෙන ෆයිසර් එන්නත් ලබාදෙන කණ්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් විසින් සලකා බලමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නව සෞඛ්‍ය රෙගුලාසි සවිස්තර වාර්තාව පහතින්.









Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top