එජාප මන්ත්‍රීවරියකට පොහොට්‌ටුවේ මන්ත්‍රීවරයෙක් පහර දෙයි
Saturday, 03 July 2021 - 15:22 | Views - 326
සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිලූකා ද සිල්වාට සමගි ජනබලවේගයට සහය දක්වන මන්ත්‍රීවරයෙකු වන සමීර ප්‍රනාන්දු විසින් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරිය සීදූව පොලීසිය වෙත කල පැමිණිල්ලකට අදාළවයි.

නිලූකා ද සිල්වා මන්ත්‍රීවරිය විසින් සමීර ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පිළිබඳව පළ කල ෆේස් බුක් සටහනක් පදනම් කර ගනිමින් මෙම පහර දීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරිය මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හිරු ප්‍රවෘත්තී අංශය කල විමසීමකදී ඇය කියාසිටියේ සීදුව නගර සභාව සඳහා නව නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට පසුගියදා පැවති ඡන්ද විමසීමේදී තමන් සහ අදාල මන්ත්‍රීවරයා අතර මත ගැටුමක් සිදුවූ බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top