හෙද වර්ජනය නිමවෙද්දී, අතුරු වෛද්‍ය සේවා වර්ජනයක් අරඹයි
Saturday, 03 July 2021 - 12:50 | Views - 348
දින දෙකක් පුරා පැවති හෙද වර්ජනය අවසන් වුව ද අදත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇත්තේ පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන්.

මේ තත්ත්වය මත රසායනාගාර සේවා, ඖෂධාගාර සේවා ඇතුළු තවත් සේවා රැසකට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කටයුතුවලට ද බාධා එල්ල වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම වර්ජනයට එක්වීම හේතුවෙන්.

දින දෙකක් පුරා පැවති හෙද වර්ජනය අද පෙරවරුවේ අවසන් වූයේ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට මැදිහත් වීමත් සමඟයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම සාකච්ඡාවට සහභාගි වී තිබූ අතර, ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරියට අදාළ විසඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බවටයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා සිය සංගමයට ආරාධනා නොලැබුණු බවයි. එනමුත්, යෝජනා ක්‍රියාත්මක වන්නේ නම්, ඊට එරෙහි නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.

හෙද වර්ජනයෙන් පසු අද ක්‍රියාත්මක වන පරිපූරක වර්ජනයත් සමඟ රෝගීන් තවදුරටත් අපහසුතාවයට පත්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top