නැව් කප්පිත්තෙකුත් බාල වයස්කාර දැරිය අපයෝජනය කරලා
Saturday, 03 July 2021 - 12:17 | Views - 379

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට මේ දක්වා පුද්ගලයින් විසි එක් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරෙන් 20 දෙනෙකු අදාළ දැරිය ලිංගික කටයුතු සඳහා අපයෝජනය කළ පුද්ගලයින් වන අතර ඉතිරි හය දෙනා අදාළ දැරියලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් වනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අදාළ දැරියගේ මව සහ මෙම දැරිය අන්තර්ජාලයේ අලෙවි කිරිම සඳහා වන දැන්වීම සකස් කළ පුද්ගලයා ද වනවා.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශන වලදී මෙම බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා පරිහරණය කළ නැවක කපිතාන්වරයෙක් සහ ඔහුගේ සහායකයාත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා දිනයේදීයි අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මැණික් ව්‍යාපාරිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන වැඩිදුරටත් පවසා සිටියේ.
මේ අනුව අදාළ දැරිය ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියට මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුකරන විමර්ශන අනුව තවත් පුද්ගලයින් 16 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article