සෑම දිනකදීම පුද්ගලයන් දස දහසක පමණ ප්‍රමාණයක් විවිධ වර්ගයේ අනතුරු වලට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඉන් 35 දෙනෙකු දිනකට මිය යන බවයි.
කෙසේ වෙතත්, ඉන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත යොමු නොවන බවයි ඔහු කියා සිටියේ.
සංගණන වාර්තා අනුව මේ වන විට අනතුරු හේතුවෙන් රෝහල් ගත වන පුද්ගලයන් සංඛ්‍යාාව ලක්ෂ 13 දක්වා ඉහළ ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, 06 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය ලබන 5 වන සඳුදා සිට 9 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.
එම සතිය තුල අනතුරු වලක්වා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.