දිස්ත්රික්ක තුනක තවත් ප්රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
Saturday, 03 July 2021 - 11:32 | Views - 640
අම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් හුදෙකලා කෙරේඅම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් අද පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා.ඒ අනුව අම්පාර දිස්ත්රික්කයේ කල්මුණේ පොලිස් බල ප්රදේශයේ මරුතමුනායි 03 ග්රාම නිලධාරී වසම සහ කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල පොලිස් බල ප්රදේශයේ මිහිපිටිය ග්රාම නිලධාරී වසමේ මාදෙයියාව ගම හුදෙකලා කෙරෙනු ඇති.එසේම, මුලතිව් දිස්ත්රික්කයේ නයාරූ පොලිස් බලප්රදේශයේ චෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටසද හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව හුදෙකලා කර තිබූ කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල පොලිස් බල ප්රදේශයේ හැලමඩ ග්රාම නිලධාරී වසම සහ කුරුණෑගල දිස්ත්රික්කයේ කුරුණෑගල පොලිස් බල ප්රදේශයේ ඉලුප්පුගෙදර ග්රාම නිලධාරී වසමේ විල්ගොඩ ගම්මානය හුදෙකලාභාවය ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Share This Article