දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීම හෙට පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් මඟ ජනතා අයිතියට පත් කිරීම හා සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම ද හෙට පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවලට සම්බන්ධ වනුයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි.