උදැල්ලක් ආධාරයෙන් පෙකණි වැල කපා බිළිඳා වල දැමූ මව සියල්ල හෙළි කරයි
Thursday, 01 July 2021 - 14:53 | Views - 400
"සැමියාට හොරෙන් අවුරුදු හතරක් අනියම් පෙම්වතාට ආදරය කළා.."

"බඩේ ලෙඩක් කියලා ළමයෙක් ලැබෙන්න ඉන්න එක සැමියාගෙන් හැංගුවා.."

දුම්මලසුරිය පොලිස් වසමට අයත් මරක්කලමුල්ල ප්‍රදේශයේ දරුවකු ප්‍රසුත කළ අවස්ථාවේම වළ දැමීමට කටයුතු කළ මවක් දුම්මලසුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් ඒකකය මගින් දුම්මලසුරිය පොලිසියට ලැබුණු පණිවිඩයක් ඔස්සේ දුම්මලසුරිය පොලිසියේ නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයකින් පසු මෙම සිදුවීම 29 වෙනි දින රාත්‍රීයේ අනාවරණය කර ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.

මේ පණිවිඩයෙන් දැනුම් දී ඇත්තේ මරක්කලමුල්ල ප්‍රදේශයේ මවක් සිය දෙවන දරුවා ප්‍රසුත කර නිවස පිටුපස කුණු ගොඩක් ආසන්නයේ වළ දමා ඇති බවයි. මෙලෙස වළ දමා ඇත්තේ සම්පුර්ණ වූ පිරිමි දරුවෙකු වන අතර දරුවා උපත ලද විගස වළ දමා ඇති බවට දුම්මලසුරිය පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවට අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු සිටින අතර ඇය ගැබ් ගෙන ඇති බව ඇයගේ සැමියා පවා නොදන්නා බව ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා. මාස අටක් පමණ ගත වන තුරු ඇය කිසිම වෛද්‍ය සායනයකට සහභාගී  නොවූ බවද පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අනියම් සැමියකුගේ ඇසුර නිසා මෙම ගැබ් ගැනීම් සිදුව ඇති බැවින් එම තත්ත්වය වසන් කර සිටි බවත් ඇය පවසනවා. ඇය හමුදා සෙබළකු යැයි පවසන පුද්ගලයකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර එම අනියම් සබඳතාව හේතුවෙන් මෙම කාන්තාව ගැබ් ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. උදරයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති බවට හඟවමින් ඇය මාස 8කට ආසන්න කාලයක් නිවසේ සැමියා සමග ගත කර ඇති බවත් පැවසෙනවා. ඉකුත් 29 වැනි දින උදෑසන පහට පමණ ඇය දරු ප්‍රසුතියට සුදානම් වී ඇති බවට හැඟීමෙන් පසු ඇය නිවස පිටුපස වැසිකිළියට ගොස් එම කටයුතු සිදුකර උදැල්ලක් ආධාරයෙන් පෙකණි වැල කපා එම උදැල්ලෙන් නිවසේ වැසිකිලි පිටුපස ගසක් ආසන්නයේ වළක් කපා බිළිඳා වළ දමා තිබෙනවා.

මෙම සිද්ධිය ඒ අවට කිසියම් කෙනෙක් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට කටයුතු කර ඇති අතර මෙම කාන්තාව හමුදා සෙබළකු සමග මීට වසර හතරකට පමණ පෙර සිට සැමියාට හොර රහසේ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top