නව කොරෝනා ප්‍රභේදය නිසා ඉදිරි කාලය අවදානම් - PHI සංගමය අනතුරු අඟවයි (Video)
Thursday, 01 July 2021 - 14:09 | Views - 3,985
ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි කාල සීමාව ඉතා අවදානම් විය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ දිනය තුළ ලබා දී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන්එන්නත් මාත්‍රා ප්‍රමාණය 173,520 ක්.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,864 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඉන් 78 දෙනෙකු විදෙස් රටවල  සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1,786 දෙනා අලු‍ත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, එම සංඛ්‍යාව 365 ක්.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරුණා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරි වසමේ වෙළමැද පාරගම කොටස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස, යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු සහ කලවන්තාලව් කොටස් යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කෙරුණා.

කෙසේ වෙතත්, පළාත් අතර සංචරණ සීමා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා නගනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top