වැසි තත්ත්වයේ වැඩිවීමක්
Thursday, 01 July 2021 - 11:00 | Views - 649
දිවයිනේ ප්‍රදේශ රැසක අද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article