වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම් කෙරුණු තැන්
Thursday, 01 July 2021 - 9:54 | Views - 6,578
පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.

එමෙන්ම ලන්ච් ෂීට් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ප්ලාස්ටික් බෝතල් භාවිතය අවම කිරීම සඳහා ඒවා තහනම් කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණයට අදාළ විකල්ප යෝජනා ඉදිරි සති 02 තුළ ඉදිරිපත් කරන බවට ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එකඟතාවය පළ කර තිබෙනවා.

ප්ලාස්ටික් බෝතල්වල නිෂ්පාදන අලෙවි කිරීමේදී පාරිභෝගිකයන්ගෙන් තවත් රුපියල් 10ක මුදලක් තැන්පතුවක් ලෙස ලබාගෙන වෙළඳසැලට නැවත එම බෝතලය ලබාදීමේදී එම තැන්පතු මුදල යළි පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහායි මේ වනවිට පරිසර අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.

එලෙස ප්ලාස්ටික් බෝතල් එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ප්ලාස්ටික් සහ පොලිතින් මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පොලිතින් නිෂ්පාදන කිහිපයක්ම පසුගියදා තහනම් කෙරුණා.


Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top