හිරුගේ අභිමානවත් 23 වන සංවත්සරය අදයි
Thursday, 01 July 2021 - 9:22 | Views - 339
1998 වසරේ ජූලි පළවනදා ඇරඹුණු හිරු එෆ්.එම්. අද සමස්ත ශ්‍රී ලංකාවේම ගුවන්විදුලි දර්ශනයයි.

සැමදා ජනතා ආශිර්වාදයෙන් මෙරට මාධ්‍යකරණය තුළ ඉහළින්ම වැජඹුණු හිරු මෙරට මාධ්‍යකරණයේ සියලු සමීක්ෂණ වාර්තා උඩුයටිකුරු කළ ගුවන් විදුලි නාලිකාවයි.

ජාත්‍යන්තර සහ දේශීය සමික්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක එකේ ගුවන් විදුලිය වන්නේ හිරු එෆ්.එම්.

මේ වනවිට අන්තර්ජාලයේද මාසිකව වැඩිම පරිශීලකයන් සහ අන් කිසිවෙකුටත් සම කළ නොහැකි ෆේස්බුක් පරිශීලකයන් හිරු සමඟ බැඳී සිටිනවා.

ඒ, සැමදා මිනිසුන් වෙනුවෙන් කැපවූ හිරු ගේ බැඳීම තව තවත් අර්ථ ගන්වමින්.

හිරු එදා මෙදා තුර සංවිධාන කළ සියලු දේ සැමදා ජනතා ආශිර්වාදයෙන් නොමඳව පිදුම් ලැබුවා.

දිවයිනේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම්, දරුවන් වෙනුවෙන් වූ වැඩසටහන්, මෙන්ම, ආගමික වැඩසටහන් සඳහා හිරු කළ කැපකිරීම ඇතමුන්ට සිහිනයක් පමණයි.

හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සහ උත්තම ධාතු වන්දනාවට සැමදා එක්වන මහා ජන ගඟ තැබූ වාර්තා කිසි දිනක කිසිවෙකුට සමකළ හැක්කක් නොවේ.

කොරෝනා අභියෝගය හමුවේ දුෂ්කරතාවයට පත් ජනතාව සවිමත් කිරිම තවමත් හිරු එලෙසින්ම ඉටු කරමින් සිටිනවා.

හිරු එෆ්.එම්. සදාකල් ජනතාවට නිවැරදි සත්‍ය තොරතුරු ප්‍රථමයෙන් සපයන ප්‍රවෘත්ති විකාශනයේ නිර්මාණකරුවායි.

හිරු තැබූ එම විශ්වාසය අද ජනතාවගේ ප්‍රවෘත්ති පරමාදර්ශයයි.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන වැඩිම පිරිසක් විශ්වාසය තබන, ප්‍රවෘත්ති විකාශය බවට හිරු ප්‍රවෘත්ති පත්ව අවසන්.

මේ වනවිටත් හිරු එෆ්. එම්. හි සොහොයුරා හිරු ටී.වී., මෙරට දෘෂ්‍ය මාධ්‍යය කලාවේ සළකුණ බවට පත්ව අවසන්.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මේ අසහාය ගමන් මගට නායකත්වය දුන් නියමුවායි.

හිරු අතීතයට එක් කළ මෙන්ම අදටත් අත්විඳින බොහෝ දෑ ඇතමුන්ට නැවුම් අත්දැකීම්.

අභිමානවත් 23 වන සංවත්සරය සමරන මොහොතේ අද දිනය පුරා පැයකට වරක් රුපියල් 23,000 බැගින් දයාබර ශ්‍රාවකයන්ට තිළිණ කිරීමටත් හිරු සූදානම්.

අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර මනුෂ්‍යත්වය සමඟ මුසුවූ අභිමානවත් හිරුගේ මාධ්‍ය වංශ කතාව සැමදා අංක එකෙහි තැබුවේ හිරු සමඟ බැඳුණු දයාබර ශ්‍රාවක ඔබයි.

අප සතු කිසිවෙකුටත් සම කළ නොහැකි සහ වෙනස් කළ නොහැකි එකම වත්කම ද ඔබම පමණයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top