දැහැමිගේ ලොවට හිරු පායයි - හදවත් සංවේදී වූ මොහොත (Video)
Wednesday, 30 June 2021 - 22:05 | Views - 441
ජීවිතය ගැටගසා ගැනීම වෙනුවෙන් සිය මව සමඟ වැලි ගොඩදැමූ පොළොන්නරුව - හිඟුරක්දමන පදිංචි දියණියගේ පුවත හිරු ප්‍රවෘත්ති හරහා වාර්තා කිරීමත් සමඟ සංවේදී හිත් ඇති මෙරට මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික බොහෝදෙනෙක් හිරුට කතා කළා.

දැඩි කම්කටොළු මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම දියණියගේ දෙනෙත් අද සතුටු කඳුලින් පිරී ගියේ හිරු පුවත ඔස්සේ ඇයට උපකාර කිරීමට පැමිණි සංවේදී හිත් ඇත්තවුන් නිසාවෙන්.

කුළි රැකියාවක නිරතව සිටි දැහැමි නෙත්සරා දියණියගේ පියාට මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් අතේ ඇඟිල්ලක් අහිමිවීවත් සමඟ අන්ථ අසරණ වූ මේ පවුලට කුසගින්න නිවා ගැනීමත් ගැටලුවක්ව තිබියදී ඇගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීම සිහිනයක් වී තිබුණා.

ඒ අනුවයි මේ පුංචි දියණිය සිය මව සමඟ මින්නේරිය ඔයේ වැලි ගොඩ දැමීම ආරම්භ කර තිබුණේ.

මේ මොහොතේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍යව පවතින තාක්ෂණික මෙවලමක ඇති අඩුව සපුරා ගැනීම ද එහි එක් අරමුණක් වී තිබුණා.

මෙම පුවත වාර්තා කිරීමත් සමඟ සංවේදී සිත් ඇති විශාල පිරිසක් නෙත්සරා දියණියගේ අනාගතය වෙනුවෙන් ඇයට ශක්තියක් වන්නට ඉදිරිපත් වුණේ පුවත විකාශය වී තත්පර කිහිපයක් ගෙවී යන්නටත් මත්තෙන්.

ඒ මිනිසත්කම රැගත් පිරිස අතරින් කිහිපදෙනෙකු ම අද නෙත්සරා දියණිය හමුවුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top