මෙරට කොරෝනා අසාදිත මරණ 3000 සීමාව ඉක්මවයි (Video)
Tuesday, 29 June 2021 - 22:30 | Views - 3,599
මෙරට කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ (28) දිනයේ සිදුවූ බවට සඳහන් තවත් කොරෝනා ආසාදිත මරණ 45ක් වාර්තාවීමත් සමඟයි.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3030ක්.






මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු නොකළහොත් ඉදිරි සති දහයක කාලය තුළ මෙරට තුළ ව්‍යාප්ත වන ප්‍රධානතම කොරෝනා ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අගවනවා.

කහතුඩුව - පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් හඳුනාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිත යැයි සැක කරන පෙදරේරුවා සේවය කරන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමෙන් තවත් සැකසහිත ආසාදිතයන් තුන්දෙනෙකු හමුවී තිබුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ඔවුන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂණ සිදුකරන බවයි.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයකු මුල් වරට මෙරට සමාජයෙන් හඳුනා ගත්තේ දෙමටගොඩ - ආරාමය ප්‍රදේශයෙන්.

ඒ පසුගිය 17 වැනිදායි.

ඉන් අනතුරුව පසුගිය 22 වැනිදා මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන්ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සැක සහිත කාන්තාවක් හඳුනා ගත්තා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සැකසහිත තවත් පුද්ගලයකු ඊයේ හඳුනා ගනු ලැබුවේ කහතුඩුව - පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන්.

පෙදරේරුවකු වන ඔහු සේවය කරන්නේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමකයි.

එම වැඩබිමෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට  සැකසහිත තවත් තුන් දෙනෙකු අද හඳුනා ගත්තා.

ඒ අනුව අදාළ වැඩ බිමෙහි සේවය කරන පුද්ගලයින් 328 දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ අදාළ වැඩබිම දින තුනකට ප්‍රථම වසා දැමුණු බවයි.

අදාළ වැඩ බිමෙහි සේවය කළ කහතුඩුව - පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයාට නිශ්චිත වශයෙන්ම වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමක පැතිරී ඇත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු වී ඇති පසුබිමක කොළඹ මහ නගර සභා සීමාවේ සේවය කරන ඉන්දීය ජාතිකයන් පිළිබඳව අප විමසා බැලීමක් සිදු කළා.

ඒ අනුව සෞඛ්‍ය අංශ තහවුරු කළේ ඉන්දීය ජාතිකයන් 2,750 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා සීමාවේ වැඩබිම්වල සේවය කරන බවයි.

කොළඹ මහ නගර සභා සීමාව තුළ සක්‍රීය වැඩබිම් 91 ක් මේ වනවිට ක්‍රියාත්මක අතර ඉන් 42 ක් මහා පරිමාණ ඒවායි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ අදාළ වැඩබිම් තුළ සේවය කරන ඉන්දීය ජාතිකයින් සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරන බවයි.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සැකසහිත පුද්ගලයා හමු වූ කහතුඩුව - පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ අසාදිතයා වාර්තාවීමත් සමඟ වසා දැමූ ජයලියගම අතුරු මාර්ගය අද විවෘත කළා.

මේ අතර, විකෘති කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සඳහා රට තුල ප්‍රමාණවත් පහසුකම් ප්‍රමාණවත් නොවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු චෝදනා කළා.

මේ අතර, විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් එකසිය හතලිස් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා මෙලෙස මියගොස් ඇත්තේ රටවල් 16 ක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top