සංචාරක ක්ෂේත්රයේ ආයතනවලට දෙසැම්බර් දක්වා සහන
Tuesday, 29 June 2021 - 10:47 | Views - 2,268
කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ සංචාරක ක්ෂේත්රයේ ආයතනවලට දැනට ලබාදී ඇති සහන දෙසැම්බර් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ සෞදි අරාබියට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල පසුගිය දින 14 ක කාලය තුළ සංචාරය කළ පුද්ගලයින්ට ජූලි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක බවයි.
Share This Article