විවාහ, දික්කසාද සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නිතී සංශෝධන කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 29 June 2021 - 9:35 | Views - 5,057
විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත භාරදී තිබෙනවා.
ඒ, ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදීයි.
යල්පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහායි මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ.
මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වන අතර කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ, දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම මෙහි විශේෂ අරමුණ වී තිබෙනවා.
ඒ අනුව විවාහක නීතියට අදාළ වූ කරුණු හා දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම වෙනසකට ලක් කිරීමට නියමිතයි.
විදේශයන් හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත අදාළ යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන බවයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.
Share This Article