කොරෝනා මරණ 3,000ට ආසන්න වෙයි
Tuesday, 29 June 2021 - 9:28 | Views - 855
නව කොරෝනා අසාදිතයින් 1,890 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 255,508 දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයින් අතරින් 1,850 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 40 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.
ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 221,249 දක්වා ඉහළ ගියා.
එසේම, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ පසුගිය 28 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 41 තහවුරු කළා.
කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ දෙකක් වාර්තා වනවා.
අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 06 ක්.
එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 33 ක් ලෙසයි දැක්වෙන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2,985 ක්.
Share This Article