පළාත් තුළ පොදු ප්‍රවාහනය අද සිට යථා තත්ත්වයට
Monday, 28 June 2021 - 13:16 | Views - 2,559
අද සිට දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 35 ක් අත්‍යවශය රාජකාරි සඳහා සේවය පැමිණෙන මගී ජනතාව සඳහා යොදා ඇති බවයි.
එසේම, අද දිනයේදී කලාප සහ දිස්ත්‍රික්ක තුල අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන මගී ජනතාව සඳහා අවශ්‍යතාවය පරිදි බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද සඳහන් කළේ මගී අවශ්‍යතාවය පරිදි පළාත් තුල සීමිත බස් සංඛ්‍යාවක් අද සිට ධාවනයට එක් කිරීමට නියමිත බවයි.
Share This Article