හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්
Monday, 28 June 2021 - 13:01 | Views - 750
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනකදී කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.කිසිඳු අමාත්‍යධූරයක් හෝ තනතුරක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා රජයෙන් ඉල්ලීමක් කර නොමැති අතර එවැනි කිසිම තනතුරක් තමන් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවටයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුනේ.

Share This Article