රාජගිරියේ ගණිකා නිවාස දෙකක් වටලයි - කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට (Video)
Monday, 28 June 2021 - 12:22 | Views - 2,128
රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්‍ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි.
 
මෙහිදී අදාළ කාන්තාවන්ගේ පහස ලබාගන්නා කාලසීමාවන් අනුව මුදල් අය කෙරෙන අතර විනාඩි 5 කට රු.500 ක්, විනාඩි 10 ක කාලක් සඳහා රු.1000 ක් විනාඩි 15 ක් සඳහා රු.2500 ක් හා වැඩි වන කාලසීමාවන් අනුව එම අය කිරීම් ඉහළ යන බවත් පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
 
මෙයට පෙර අවස්ථා තුනකදී මෙම මධ්‍යස්ථානය වැටලීමට ලක්කර තිබූ බවත් සඳහන් කරන පොලිසිය එහිදී කාන්තාවන් 11 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් කියයි.
 
මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා වැටලීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නොසිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
 
මෙහිදී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා රාගම හා කෑගල්ලේ පදිංචි වයස අවුරුදු 44 හා 22 යන වයස් කාණ්ඩවල පසුවන්නියන් වන බව පවසන පොලිසිය එම කාන්තාවන් සමග අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 47 ක් හා 26 ක් වන රාජගිරිය හා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසයි.
 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top