මහ රෑ එංගලන්තයේ වීථි සැරූ මෙන්ඩිස් සහ දික්වැල්ලට වැඩ වරදියි - කණ්ඩායමෙනුත් එළියට (Video)
Monday, 28 June 2021 - 11:46 | Views - 971
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු  එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.

අදාල වීඩියෝවේ සිටින ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  පැවසුවේ ඔවුන් මෙරටට ගෙන්වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එමෙන්ම මෙලෙස ක්‍රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 මෙම ක්‍රීඩකයින් දෙදෙනා ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top