සංචරණ සීමා ගැන තීරණයකට ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් (Video)
Friday, 25 June 2021 - 15:21 | Views - 8,417

සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යන්නේ ද එසේ නොමැතිනම් එහි වෙනසක් සිදුකළ යුතුද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් පැවතුනද, කොරෝනා පොකුරු වශයෙන් වාර්තාවීම ඒ ආකාරයෙන්ම පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ.
ඊයේ දිනයේ මෙරටින් අලුතින් ආසාදිතයන් 1941 දෙනෙකු වාර්තාවූ අතර, එය සටහන් වූයේ දින 45 කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.
ඊයේ හඳුනාගැනුනු ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 386 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 261 ක්, කළුතරින් 252 ක්, මඩකලපුවෙන් ආසාදිතයන් 133ක්, කෑගල්ලෙන් 125 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 100 දෙනෙකු ඊයේ හමුවුණා.
රෝගීන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළද කොරෝනා අවදානමේ වෙනසක් නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.
මේ අතර විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවදුරටත් සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.
ඒ අනුව තමන් පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයෙන් එම සේවා ලබාගත හැකි අතර, ඊට පෙර ඇමතුමක් ලබාදී දිනයක් වෙන් කරගත යුතුවනවා.
එසේ නොමැති පුද්ගලයින් සඳහා අදාළ කාර්යාලවලට ඇතුලුවීමට අවසර නොමැති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් එක්දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර සඳහා දින වෙන් කරගැනීමට උදෑසන 9 ත් පස්වරු එකත් අතර අවස්ථාව ලැබෙන අතර, ඒ සම්බන්ධයෙන් 070 710 10 60 සහ 070 710 10 70 යන දුරකථන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.
ඊට අමතරව ප්‍රාදේශීය කාර්යාල මගින් සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර සඳහා දින වෙන් කරගත හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු අඅඅගයසරමබැඅිගකන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත වී, එම කාලසීමාව අවසන් කළ සියලුම ජාතික පාසල්වල ගුරුවරුන් පාසල් ආරම්භ කළ පසු නිත්‍ය සේවා ස්ථානයේම සේවයට වාර්තා කළ යුතු බවයි.
කෙසේ වෙතත්, තවදුරටත් අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිවරයාගේ නිර්දේශය සහිතව නැවත ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 483,910 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
එහි පළමු මාත්‍රාව 1474,958 දෙනෙකුට ලබාදී අවසන්.
එමෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,865 කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,435 කට ලබාදී තිබෙනවා.
එමෙන්ම ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ 13,454 කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,363 කට ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article