ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද, ජාතිය ඇමතීමට නියමිතයි.
රාත්‍රී 8.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත අතර, එය හිරු ටී.වී. ඔස්සේ විකාශය කිරිමටද කටයුතු යොදා තිබෙනවා.
මේ අතර, පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුද බිමේදී ඊයේ පැවැත්වුණා.
මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතූන් වහන්සේ වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එහිදී මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනුශාසනාවක්ද සිදුකළා.
මෙවර පොසොන් පූජෝත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධාන කර තිබූ අතර, මල්වතු, අස්ගිරි ඇතුලු අනෙකුත් නිකායන්වල මහ නාහිමිවරුන් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ අනුශාසනා පවත්වනු ලැබුවා.
එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පොසොන් රාජ්‍ය උත්සවයට සමගාමීව සංවිධාන කර තිබූ මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුවුණා.