දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් හතක් හුදෙකලා කෙරේ
Thursday, 24 June 2021 - 12:43 | Views - 1,241
අද දිනයේ දිස්ත්රිික්ක 3 ක පොලිස් බල ප්‍රදේශ පහක ග්‍රාම නිලධාරී වසම් හතක් හුදෙකලා කරනු ලැබුවා.ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ රෙක්ලමේෂන් බටහිර - ජේ. 69 වසමත්, ගුරුනගර් බටහිර ජේ 71 වසමත් හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.මඩකලපුව - කාත්තන්කුඩි පොලිස් වසමේ මංජන් තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර සහ මන්මුනායි පොලිස් වසමේ මමන්ගම් වසම හුදෙකලා කර තිබෙනවා.එමෙන්ම කුරුණෑගල - ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ විල්ගොඩගම සහ රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයේ කනුකැටිය ග්‍රාම නිලධාරි වසමේ කනුකැටියගමද හුදෙකලා කර ඇති බව සඳහන්.

Share This Article