රනිල් වික්‍රමසිංහ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි
Wednesday, 23 June 2021 - 10:51 | Views - 432
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු දිවුරුම් දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු 20 වන දින 9 වන පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ කර මාස 09කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.  

1977 වර්ෂයේදී පළමු වරට කැලණිය, බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ ජේ. ආර්. ජයවර්දන ආණ්ඩුවේ තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසටයි.

දශක තුනකට අධික කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහා, මෙරට වැඩිම අවස්ථා ගණනක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ දේශපාලනඥයෙකුද වනවා.

1993 වර්ෂයේ ඩී. බී. විජේතුංග පාලන සමයේ පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන මොහු 2002 වසරේ දෙවන වරටත් 2015 වසරේ තෙවැනි වරට සහ 2016 යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිවු වන වරටත් දිව්රුම් දුන්නා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top