රනිල් වික්‍රමසිංහ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි
Wednesday, 23 June 2021 - 10:51 | Views - 433

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු දිවුරුම් දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු 20 වන දින 9 වන පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ කර මාස 09කට පසුව වීම විශේෂත්වයක්.
ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
1977 වර්ෂයේදී පළමු වරට කැලණිය, බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ ජේ. ආර්. ජයවර්දන ආණ්ඩුවේ තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසටයි.
දශක තුනකට අධික කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහා, මෙරට වැඩිම අවස්ථා ගණනක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ දේශපාලනඥයෙකුද වනවා.
1993 වර්ෂයේ ඩී. බී. විජේතුංග පාලන සමයේ පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන මොහු 2002 වසරේ දෙවන වරටත් 2015 වසරේ තෙවැනි වරට සහ 2016 යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිවු වන වරටත් දිව්රුම් දුන්නා.
Share This Article