දින ගණනාවකට පසු මෙරට දිනයක් තුළ වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ සටහන් වුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට තහවුරු කළ මරණ සංඛ්‍යාව 71 ක්.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,704 ක් දක්වා ඉහළ ගියා.
නව මරණ 71 න් 38 ක් කාන්තාවන් වන අතර, පිරිමි පුද්ගලයින් 33 දෙනෙකුද මියගොස් තිබෙනවා.
ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,093 ක් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 243,913 ක් ලෙසයි.
ඊයේ සටහන් වූ නව ආසාදිතයන්ගෙන් 2,071 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 22 කුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.
ඒ අනුව තවදුරටත් රෝගීන් 31,984 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 29,296 ක්.
මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
එම එන්නත් මාත්‍රා තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදීගෙන තිබෙනවා.