පාසැල් සිසුන්ට ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථන
Wednesday, 23 June 2021 - 9:10 | Views - 14,345
දුෂ්කර සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ඔන්ලයින් පහසුකම යටතේ අධ්‍යාපනය සිදුකරගෙන යාමට පහසු ගෙවීමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදී ගැනීමට ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැදවීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදියි.

ඒ අනුව ලබන ජුලි මස 06 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ජුලි මස 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාල ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කැඳවීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතනවල වර්තමාන තත්ත්වය ද විමර්ශනයට කිරීමට නියමිතයි.

කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය කාලය තුල කැඳවීමට නොහැකි වූ ආයතන නැවත ජුලි මස 08 වැනිදා කැදවීමට ද ඊයේ රැස්වු කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top