පාසැල් සිසුන්ට ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකථන
Wednesday, 23 June 2021 - 9:10 | Views - 14,346

දුෂ්කර සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ඔන්ලයින් පහසුකම යටතේ අධ්‍යාපනය සිදුකරගෙන යාමට පහසු ගෙවීමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදී ගැනීමට ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැදවීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදියි.
ඒ අනුව ලබන ජුලි මස 06 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ජුලි මස 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාල ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කැඳවීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතනවල වර්තමාන තත්ත්වය ද විමර්ශනයට කිරීමට නියමිතයි.
කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය කාලය තුල කැඳවීමට නොහැකි වූ ආයතන නැවත ජුලි මස 08 වැනිදා කැදවීමට ද ඊයේ රැස්වු කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.
Share This Article