තවත් ග්රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා කෙරේ
Wednesday, 23 June 2021 - 8:25 | Views - 456
මඩකළපුව සහ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ග්රාම නිලධාරී වසම් 11ක් අද අලුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්රකාශ කළා.ඒ අනුව ත්රිකුණාමල දිස්ත්රික්කයේ ත්රිකුණාමල පොලිස් බල ප්රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස සහ වාලච්චේන පොලිස් බල ප්රදේශයේ පළවන හරස් පාර බ්රයින්තුරයිචෙනයි, දෙවන හරස් පාර බ්රයින්තුරයිචෙනයි යන ග්රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබෙනවා.ඊට අමතරව මඩකලපුව දිස්ත්රික්කයේ කාත්තන්කුඩි පොලිස් බල ප්රදේශයේ කාන්තන්කුඩි කොටස හතර, කාත්තන්කුඩි කොටස දකුණ පහ 164 ඒ සහ 164 බී යන ග්රාම නිලධාරී වසම් මෙන්ම නව කාන්තන්කුඩි කොටස නැගෙනහිර, කාත්තන්කුඩි කොටස බටහිර හය, නව කත්තන්කුඩි කොටස උතුර, දකුණ සහ කරබලා පාර, ඒ.එල්.එස්. මාවත, නුරානියා සුසානභූමිය සහ බීච් පාර 167 බී යන ග්රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

Share This Article