සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කිරීමට පියවර
Tuesday, 22 June 2021 - 11:01 | Views - 3,794
සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

ඉක්මණින් දිරාපත්වන ලන්ච්ෂීට් හඳුන්වාදෙන බවට ඇතැම් සමාගම් ප්‍රකාශ කර තිබුණද මේ දක්වා එම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට ලොව කිසිදු රටක ලන්ච්ෂීට් භාවිත නොකරන බව පෙන්වා දෙන පරිසර අමාත්‍යාංශය ලන්ච් ෂීට් භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බව පවසනවා.

මෙරට ප්‍රධාන සමාගම් හතරක් විසින් මාසයකට ලන්ච් ෂීට් ටොන් හතත් අටත් අතර ප්‍රමාණයක් නිපදවනු ලබන අතර, වාර්ෂිකව මෙරට ලන්ච් ෂීට් භාවිතය ටොන් 106 ක්.

ඒ අනුව දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවන බවට දළ වශයෙන් තක්සේරු කර තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top