සපුගස්කන්දේ දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමෙන් ආපදාවට පත් 45 දෙනෙකුට වන්දි
Tuesday, 22 June 2021 - 8:59 | Views - 178
අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුල දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමෙන් ආපදාවට පත් පුද්ගලයින් 45 දෙනෙකුට වන්දි ලබාදීමට නිර්දේශ ඉදිරිපත්ව ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ආපදාවට පත් ජනතාවට වන්දි ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පත් කළ වන්දි කමිටුවේ වාර්තාව ඊයේ (21) අමාත්‍යවරයා වෙත ලැබුණු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව පුද්ගලයින් 45 දෙනෙකුට රුපියල් 1,933,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.
Share This Article