ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය, ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
Tuesday, 22 June 2021 - 8:51 | Views - 268
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මිය යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසි වාරය ජිනීවා හිදී අමතමින්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට දැනට පවත්නා නීති අනුව අවසර පවතින බව පෙන්වා දෙන මානව හිමිකම් කොමසාරිස්වරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම් සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

පොලිස් භාරයේදී සිදුවන මිය යාම් මෙන්ම පොලීසිය හා අපරාධ කල්ලි අතර ගැටුම්වලදී පුද්ගලයින් මිය යන බවට තමන් නිරීක්ෂණය කර ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

මේ පිළිබද පුළුල් හා ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව සදහන් කරන මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ සඳහා රජය සමඟ එක්ව කටයුතු කරන බව කියා සිටියා.   

මෙරට සුළු ජාතීන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද තමන් අවධානයෙන් පසුවන බවයි ඇය එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම, මෙරට මානව හිමිකම් පිළිබද වාර්තාවක් ලබන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ එහිදී කියා සිටියා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top