ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනුකමිටුව තීරණය කරයි
Monday, 21 June 2021 - 15:11 | Views - 1,450
වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ ගෑස් මිල වැඩි නොකිරීමට ඒ සඳහා පත් කළ පංච පුද්ගල අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා.

ගෑස් මිල සංශෝධනයට කිරීමට පසුගිය දා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරුණා.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ සහ කෙහෙලිය රඹුක්වැල්ලගෙන් සැදුම්ලත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස්වී ගෑස් මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් කර තිබූ ඉල්ලීම් සලකා බලනු ලැබුවා.

කෙසේ වෙතත්, අද (21) පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෑස්  මිල ඉහළ නොදැමීමටයි.

ගෑස් සමාගම් රුපියල් 500කට වඩා වැඩි මිලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, මිල වැඩි නොකර ඒ සම්බන්ධයෙන් විකල්ප යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මෙම අමාත්‍ය අනු කමිටුව තීරණය කර ඇත්තේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top