තැපැල් සේවා සාමාන්‍ය පරිදි - මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් සීමා වෙයි
Monday, 21 June 2021 - 11:14 | Views - 386
රට පුරා සියලු තැපැල් කාර්යාල අද (21) සිට යළි සේවා අරඹන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පෙරවරු 9 සිට පස්වරු දෙක දක්වා තැපැල් කාර්යාලවලින් ජනතාවට සේවා ලබාගැනීමට හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සියළුම සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කෙරෙන බව ඔවුන් ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුව සපයන සේවාවන් පිළිබදව 0707 677 877 දුරකථනය ඔස්සේ කාර්යාල රාජකාරී වේලාවන් හිදී තොරතුරු ලබා ගත හැකියි.
අනෙකුත් වේලාවන්වලදී වට්ස්ඇප්, වයිබර් හෝ එස්.එම්.එස්. පණිවුඩයක් එවීමෙන් තොරතුරු ලබා ගත හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article