අද ඇරුණු රටේ ක්‍රියාත්මක සීමාවන්
Monday, 21 June 2021 - 10:01 | Views - 461
මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම බලපැවැත්වුණු සංචරණ සීමා අද අළුයම 4ට ලිහිල් කරනු ලැබුවා. කොරෝනා තුන්වන රැල්ලේ ආරම්භය සමඟ මුළු දිවයිනටම සංචරණ සීමා පනවනු ලැබුවේ පසුගිය මැයි මස 21 වනදායි.මේ අතර අද අළුයම සිට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජූලි මස 05 වනදා දක්වා බලපැවැත්වෙන ලෙස සියලු දෙනා, පොදු ප්‍රවාහන සේවා සහ ආයතන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.ඒ අනුව බස්නාහිර පලාතට සහ සෑම පලාතකටම පොදු යනුවෙන් වෙනම මාර්ගෝපදේශ දෙකක් නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.ඒ අනුව නිවසකින් හෝ නවාතැනකින් පිටවීමට දෙදෙනෙකුට පමණක් අවසර ලබාදී ඇති අතර, පෞද්ගලික, කුලී රථ සහ ටැක්සිවල ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනෙකු බවට එම මාර්ගෝපදේශවල දැක්වෙනවා.පොදු ප්‍රවාහන සේවයේ මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවයෙන් සියයට පණහේ සීමාවේ වන අතර, බස්නාහිර පළාත තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින් ප්‍රවාහනය පමණක් සිදුකරන ලෙසයි එහි සඳහන් වන්නේ.ආයතනවල රැස්වීම් සඳහා බස්නාහිර පළාත තුළ අවසරයක් හිමි නොවන අතර, සෙසු පළාත්වල අත්‍යවශ්‍ය නම් පමණක් ඒවා පැවැත්විය හැක්කේ උපරිම සංඛ්‍යාව 10 දෙනෙකුට සීමා කරමින්.එමෙන්ම වැඩමුළු, සම්මන්ත්රණ, සන්නාම දියත් කිරීම, බස්නාහිර පළාත තුළ තහනම් වන අතර, සෙසු පළාත්වල පුද්ගලයින් 25 දෙනෙකු සීමා කරමින් අත්‍යවශ්‍ය නම් පැවැත්විය හැකියි.කර්මාන්ත, විශේෂිත ජෛව ආරක්ෂිත බුබුලක් ලෙස ක්‍රියාත්මක විය යුතු අතර, බැංකු, මූල්‍ය සමාගම් සහ උකස් මධ්‍යස්ථාන ආදිය විවෘතව තැබෙනවා.ඕනෑම වේලාවක එහි මුළු ගණුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 ක් නොඉක්මවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.එළිමහන් වෙළඳාම සහ සති පොල පළාත්පාලන ආයතන විසින් බලාත්මක කරන ලද දැඩි සීමාවන්ට යටත්ව විවෘත කෙරෙනවා. ආර්ථික මධ්‍යස්ථානවල සිදුකළ හැක්කේ තොග වෙළඳාම පමණයි.ලියාපදිංචි ජංගම වෙළඳුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට තවදුරටත් අවසරය හිමිවනවා. පදික වෙළඳුන්ට බස්නාහිර පළාත තුළ වෙළඳාමට අවසර හිමි නොවන අතර, සෙසු පළාත්වල ලියාපදිංචි වෙළඳුන් සඳහා පමණක් එම අවසරය හිමිවනු ඇති.සිල්ලර වෙළඳසැල්, කඩ, බේකරි සහ බේකරි සේවා විවෘතව තැබෙන අතර, එක්වරකට ඊට ඇතුල්විය හැක්කේ ගණුදෙනුකරුවන් තුන්දෙනෙකුට පමණයි.සුපිරි වෙළඳසැල්වලට එහි ධාරිතාවයෙන් සියයට 25 ක් වන ලෙස වරකට පාරිභෝගිකයන් ඇතුළත් කරගත හැකිවනවා.බස්නාහිර පළාත තුළ සාප්පු සංකීර්ණ විවෘත කිරිමට අවසර හිමි නොවන අතර, සෙසු පළාත්වල ඒවා විවෘත කර තිබුණද පුද්ගලයින් රැස්වීම් ආශ්වාද වැඩසටහන් තහනම් වනු ඇති.බාබර් සහ රූපලාවන්‍ය ආයතන විවෘත කර තැබෙන අතර, වරකට එක් අයෙකු පමණක් සේවා ලබාගැනීමට ඇතුළත් කරගන්නා ලෙසයි සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියයට 50 ක ධාරිතාවයෙන් පවත්වාගෙන යා යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන විභාග හැර සෙසු විභාග සඳහා මෙන්ම ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර, මනාලිය සහ මනාලයා ඇතුලුව දසදෙනෙකුගේ සහභාගිත්වයට අවසර හිමිවනවා.ගෘහස්ථ පෞද්ගලික උත්සව, පූජනීය ස්ථාන, පුස්තකාල, සිනමාහල්, කෞතුකාගාර, සැණකෙළි සහ සංගීත සංදර්ශන, විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. එමෙන්ම අන්තර්ජාලය හරහා ඇණවුම් භාරගෙන බෙදාහැරීමට අවන්හල්වලට අවසර හිමිවනවා.පබ් සහ බාර්, කැසිනෝ, රාත්‍රී සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පා, හෝටල් සහ විවේකාගාර විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.තවද දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලත් තැබෑරූම් හල් විවෘත කිරීමට ද අවසර ලබා දෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කලේ.සුරාබදු ර.බී.4 හා සුරාබදු 22 ඒ යන බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එම නිවේදනය පහතින්...
Share This Article