වරාය ජැටියෙන් මුහුදට වැටුණු රේගු ජීප් රථය (Video)
Saturday, 19 June 2021 - 11:58 | Views - 427
කොළඹ වරාය ජැටිය ආසන්නයේ ඊයේ (18) රාත්රියේ ජීප් රථයක් අනතුර ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
ශ්රී ලංකා රේගුවට අයත් ජීප් රථයක් මෙලෙස ඊයේ රාත්රී දහයට පමණ වරාය ජැටියෙන් ඉවතට පැන මුහුදට වැටී ඇති බවයි වරාය පොලිසිය පැවසුවේ.
අනතුරෙන් පසු ජීප් රථය මීටර 20ක් පමණ ගැඹුරට ජලයේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.
එලෙස ගිලුණු ජීප් රථය දොබකරයක ආධාරයෙන් ගොඩ ගැනීම සඳහා වරාය සේවකයින්, පොලිසිය සහ නාවික හමුදාව එක්ව කටයුතු කර තිබෙනවා.
Share This Article