සිංහයාට කොරෝනා ආසාදනය වීම සොයන්න විමර්ශනයක් (Video)
Saturday, 19 June 2021 - 11:44 | Views - 241
දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක ප්‍රකාශ කළේ දින දෙකක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන බවයි.
2012 වසරේදී දකුණු කොරියාවෙන් මෙරටට රැගෙන ආ මෙම සිංහයාට දින කිහිපයක් තිස්සේ කැස්ස සහ උගුරේ අපහසුතා මෙන්ම ආහාර නොගැනීමේ තත්වයක් පෙන්නුම් කළ බැවින් කොරෝනා පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
එහිදී සිංහයාට වෛරසය ආසාදිත බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව 11 හැවිරිදි වියේ පසුවන තෝර් අනෙකුත් සතුන්ගෙන් වෙන් කර ප්‍රතිකාර කිරීමට පියවර ගත් බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරියේද උපදෙස් ලබා ගත් බවයි වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළේ.
මෙම සිංහයාට කොරෝනා ආසාදනය වූ ආසන්න කාලසීමාව තුළ එම සත්වෝද්‍යානයේ සිටි සීබ්රා පැටවෙකු සහ හිපපොටේමස් සත්වයෙකුද මියගොස් ඇතැයි වාර්තාවනවා.
කෙසේ වෙතත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කියා සිටියේ ආහාර මාර්ගයේ ඇතිවූ බැක්ටීරියා ආසාත්මිකතාවක් නිසා හිපපොටේමස් සත්ත්වයා මිය ගොස් ඇති බවයි.
සීබ්රා පැටවාගේ මරණයට හේතුව ආහාර මාර්ගයේ අවහිරවීමකින් ඇතිවූ ආසාදන තත්වයක් බව ඔවුන් සඳහන් කළා.
Share This Article