ඉන්දීය දරුණු ඩෙල්ටා ප්‍රභේදය හමුවූ දෙමටගොඩ - ආරාමය පෙදෙස මීට සතියකට පෙර සිට හුදකලා කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වීමත් සමඟ 200 වත්ත ආරාම පෙදෙසේ අද පෙරවරුවේ කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළ බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි දිනූකා ගුරුගේ කියා සිටියේ.
ඉන්දීය දරුණු ඩෙල්ටා ප්‍රභේදය මෙරට සමාජයෙන් පළමු වරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ මෙම ප්‍රදේශය සතියකට පෙර සිට හුදෙකලා කර තිබූ බවයි.