දැනට බලපැවැත්වෙන සංචරණ සීමා මේ මස 21 වනදා අලුයම හතරට ඉවත් කර මේ මස 23 වනදා රාත්‍රී 10 ට යළි පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව 23 වනදා රාත්‍රී 10 ට පැනවෙන සංචරණ සීමා 25 වනදා අලුයම හතර දක්වා ක්‍රියාත්මක වනු ඇති.
මේ මස 21 වනදා අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර, සංචරණය තහනම් බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල රැස්වීම්, උත්සව සහ සාද තවදුරටත් තහනම් වනු ඇති.