තහනම අස්සේ මත්පැන් අලෙවි කළ සුපිරි වෙළඳසැල
Thursday, 17 June 2021 - 20:08 | Views - 1,694
රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත රෝග තත්වය මර්දනය කිරීමේ අරමුණින් දැඩි අඛණ්ඩ සංචරණ සීමා පනවා මේවන විට සති 3කට ආසන්න කාලයක් ගතවී අවසන්.

එදිනෙදා පාරිභෝගික භාණ්ඩ අලෙවිය සඳහා ජංගම රථවලට අවසර හිමිවූ අතර ඒ හරහා එදිනෙදා පාරිභෝගික අවශ්‍යතාවන් සම්පූර්ණ කෙරුණා.

නමුත් සංචරණ සීමා මුල් අවදියේදී විවෘතව තැබුණු මත්පැන් අලෙවිසල් සහ මත්පැන් අලෙවිය සහමුලින්ම නවතා දැමීමට රජය තීරණය කළේ ලද වෛද්‍ය නිර්දේශ සහ පාලනයකින් තොරව සිදුවූ ජනතා ඒකරාශී වීම් වළක්වා ගැනීමටයි.

මෙම තීරණයත් සමග නීති විරෝධී මත්පැන් අලෙවිය හොර රහසේ සිදු කෙරුණු අතර ඒ හරහා බරපතල සමාජ ගැටලුවක් ද නිර්මාණය කෙරුණා.

මීට පිළියමක් ලෙසට සහ රජයට දිනපතා අහිමිවන අති විශාල බදු ආදායමක් නැවත අයකර ගැනීමේ චේතනාවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යංශය එක්ව මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ සැලසුමක් ගෙන ආවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තිමය එකගතාව පළ කිරීමත් සමගම මාර්ගගත ක්‍රමවේදයන්ට මත්පැන් අලෙවි කිරීම යථාර්තයක් වන ලකුණු පෙනෙන්නට තිබුණා.

නමුත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුණේ එයට එරෙහිව නැගුණු දැඩි විරෝධයත් සැලකිල්ලට ගනිමින්.

කරුණු මෙසේ පවතිද්දී දිවයින පුරා සුරාසැල් සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ම මුද්‍රා තබා වසා දමා තිබෙන පසුබිමක් තුල කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳසැලක පෙරේදා දින සිදුවූ මත්පැන් ගනුදෙනුවක් පිළිබඳ සාක්ෂියක් අපට ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ මිලදී ගැනීම සිදුවී ඇත්තේ පස්වරු 1.53ටයි. මෙම මිලදී ගැනීමට විස්කි බෝතල් තුනක් සහ මිලිලීටර් 500 බීර කෑන් 5ක් ඇතුලත්ව තිබෙනවා.

ඒ සඳහා අදාළ සුපිරි වෙළඳසැල විස්කි බෝතල් තුන වෙනුවෙන් රුපියල් 7110කුත් බීර කෑන් 5 වෙනුවෙන් රුපියල් 1500කුත් අයකර තිබෙනවා.

රට පුරා සුරාසැල් වසා තිබියදී මත්පැන් අලෙවිය සඳහා බරපතල සීමා පනවා තිබියදී මෙන්ම සුපිරි වෙළඳසැල් විවෘත කිරීමට අවසර නොමැති තත්වයක් තුල මෙම ගනුදෙනුව සිදුවූයේ කෙසේ ද ?

ජාලගත ක්‍රමයට මත්පැන් අලෙවියට සැරසෙන සහ ඒ සඳහා දැඩි උනන්දුවක් දක්වන සුරාබදු නිලධාරීන් මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළ යුතු නොවන්නේ ද ?

රටේ පවතින නීතිය සුපිරි පැළැන්තියේ කිහිප දෙනෙකුට මෙලෙස නැවිය හැකි ද අදාළ බලධාරීන්ගෙන් හිරු ප්‍රවෘත්ති උත්තර බලාපොරොත්තුවෙන් සිටී.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top