ගම්පහ මාහාධිකරණයෙන් අද ශානිට ඇප
Thursday, 17 June 2021 - 13:11 | Views - 263
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස අද ගම්පහ මහාධිකරණය නියෝග කළා.
ඒ ඊයේ(16) දිනයේ කොළඹ අභියාචනාධිකරණය විසින් ගම්පහ මහාධිකරණය ලබා දුන් ඇප නියෝගයක් නිෂ්ප්රභ කරමින් ලබා දුන් තීන්දුවට අනුවයි.
කෙසේවෙතත් ඊයේ(16) අභියාචනාධිකරණ ලබා දුන් තීන්දුවේ ලිඛිත පිටපත් ගම්පහ මහාධිකරණය වෙත ලැබී නොතිබීම හේතුවෙන් ගම්පහ මහේස්ත්රාත් මංජුල කරුණාරත්න නියෝග කළේ, ශානි අබේසේකර නැවතත් එළඹෙන 30 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කිරීමටයි.
කෙසේ නමුත් අදාළ ලිපි ලේඛන ගම්පහ මහාධිකරණය වෙත අද (17) ලැබී තිබීම සහ ඇප කොන්දේසි සම්පුර්ණ කිරීම හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර, ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහර සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරී වරුන්ට නියෝග කළේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙසයි.
අභියාචනාධිකරණය මේ දෙදෙනා ඇප මත මුදා හැරියේ එක් අයෙකුට රුපියල් 25000.00ක් වන, මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් යටතේයි.
Share This Article