ඔන්ලයින් මත්පැන් අලෙවියට අවසර නැහැ
Thursday, 17 June 2021 - 11:53 | Views - 509
ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටුවන බව, යුධ හමුදාපතිවරයා පවසනවා.
මේ අතර මිට පෙර මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීමට ගත් තීරණයට විරෝධය පළ කර සිටියා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතව මේ වන විට පුද්ගලයින් 60ක් පමණ මිය යන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මොහොතක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හෝ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් රට පුරා තවමත් ක්‍රියාත්මක නොවන මොහොතක මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ලැජ්ජාසහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කර සිටියේ.
Share This Article