තවත් සති දෙකකට සංචරණ සීමා දීර්ඝ වෙයි ..?
Wednesday, 16 June 2021 - 12:25 | Views - 25,716
පනවා ඇති සංචරණ සීමා කඩ කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් කොවිඩ් රෝග පාලනයට තවත් සති දෙකකින් පමණ සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ගතවූ පැය 24 තුලදී පමණක් සංචරණ සීමා හා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2334 ක් වාර්තා වුණා.
ගෙවුනු දිනයේත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ කොළඹ ප්‍රදේශයෙන්.
ඒ ආසාදිතයන් 546 ක්.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පලකළා.
අලුතින් මතුවන රෝගීන් සංඛ්‍යාව පෙර වාර්තා වනවාට වඩා අඩුයි.
හැබැයි අපිට ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ සියලු දේ හරියට කළා කියලා.
එන්න එන්නම නීතිය කඩ කරමින් යනවානම් තවත් සතියකට හරි සතිදෙකකට හරි මෙම සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..
Share This Article