''අම්මලා කැමති බෝල බබාලට චබී දුවලට එතකොටනේ පොෂ් ලුක් එක " - තිත්ත වුනත් ඇත්ත මෙන්න
Wednesday, 16 June 2021 - 11:46 | Views - 580
අද සමාජය දිහා බැලුවහම හැමෝටම වගේ මොනවා හරි අසනීපයක් තියෙනවා.
 
අලුත ඉපදෙන දරුවා පවා මෙලොව එළිය දකින්නේ සමහර වෙලාවට අසනීපයක් සමග.
 
ඇත්තටම මොකක්ද මේකට හේතුව..? අපි කන කෑම බීම මේ දේවල්වලට මුල කියලා හිතෙන්නේ නැද්ද..?
 
ඒ වගේම හිතන පතන විදිහත් මේකට බලපානවා කිව්වොත් නිවැරදියි.
 
කොහොම වුණත් මේ ගැන අපූරු සටහනක් වෛද්‍යවරයෙක් මේ විදිහට සිය මුහුණුපොතට එකතු කරලා තිබුණා.
 
පාසැල් දරුවන් අතරින් 10 % " දියවැඩියාව "
පාසැල් දරුවන් අතරින් 25 % " ඇදුම "
පාසැල් දරුවන් අතරින් 34 % " ස්ථුලතාවය "
 
ඒ වුනත් අම්මලා කැමතිම බෝල බබාලට. චබී දුවලට.
එතකොටනේ පොෂ් ලුක් එක..
 
ඉල ඇටක් දෙකක් පෙනුනොත් එහෙම කෙට්ටු දුවෙක් පුතෙක් අප්පෝ වස ලැජ්ජාවක් නෙව !
දරුවන්ට කන්ට දෙන්ට බැරිව කියල හිතයි නේබර්ස්ලා..ෆ්‍රෙන්ඩ්ස්ලා !
 
මහරගම පැත්තේ නිකමටවත් ගියොත් තේරේයි ඔබටම
ඒවගේ අවසන් ප්‍රතිඵලත්.
 
ළමා වාට්ටුවකට ගොඩවුනොත්
නැත්නම් ලමා සායනයකට ආවොත් බැරිවෙලාවත්
ඇස් දෙකෙන්ම බලතහැකි දුක් විදින දරු පැටවුන් මහ ගොඩක් !
 
චූන් පාන් වේගෙන් යන එකත් හොදයි මට නම් එහි නෑ වරදක්
කෑවොත් තම්බපු පිටි තවත් මාසයක්
බෝල බබාලා ඉදියි හැම ගෙදරමත්
 
ෆ්‍රයිඩ් රයිස් සමග කෝලා බීමත් සුප් කැට සමඟ නූඩ්ල්ස් පැකට් කෑමත්
පොටෑ⁣ටෝ චිප්ස් සමග සොස් කෑමත්
උදේ පාන්දර පිටිකිරි වීදුරුවකුත් බීමත්
තව පොඩි බඩගිනි වලට
බිස්කට් සමඟ පැණි බීමත්
මේ පුරුදු හුරුකලොත්
ලැබේව් ඔබටත් ඔබේ දරුවන්ටත්
සායනයේ රතු නොම්මරයක්....!!!
 
වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top